පහු ගිය කාලෙ ටෙලිනාට්‍ය නළුවෙකු සහ ජනප‍්‍රිය සම්මානයට ද පාත‍්‍ර වූ නිළියක පිළිබඳව වරින් වර පුවත් පළවුනා දෙනොගේ පේ‍්‍රම සම්බන්ධය ගැන. ජනප‍්‍රිය ඕනෙම කෙනෙක්ගෙ වත ගොත දැන ගන්න හුගක් අය කැමතියි.
ඕප දූප කියන්නෙ මේ වත ගොතටම තමා . කව්රු කොහොම හිතුවත් මේ දෙදෙනාගේ ජීවිතවල ගත් තීන්දු තීරණ බලපාන්නෙ පොදු සමාජෙට නෙමේ . ඒ දෙන්නා අදාල පවුල් සමාජයටයි. තීන්දු තීරණ ඒ දෙන්නගෙ.
මේ තරුණ නළු නිළිදෙපළ තමයි මේනකයි නෙහාරයි. ඉස්සර තරම්ම ටෙලිවිෂන් තිරයේ මේ දෙන්නා දකින්න නැතත් මේ දෙන්නා ගැන කතා කරන එක නම් අඩුවක් නැහැ. හේතුව මේ දෙන්නගෙ විවාහ මංගල්ලෙ ගැන තොරතුරු දැන ගන්න හුගක් අය බලන් ඉන්න නිසා.
පසුගිය දිනවල විවිධ වෙබ් මාධ්‍ය තුළත් මේ දෙන්නගෙ විවාහය දෙසැම්බර් මස ගල්කිස්ස මහ හෝටලයේදී පවත්වන බව ට පුවත් පළ කරණු ලැබ තිබුණා.
නමුත් ඇත්තටම නෙහාරයි මේනකයි 2014 ජනවාරි 28වෙනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අතිනත ගැනීමට නියමිතයි. මේ වනවිට මේ දෙන්නා සිය මංගල උත්සවය සඳහා සියළු කටයුතු සූදානම් කොට ඇති බවද දැනගන්නට ලැබෙනවා.
Wednesday, December 18, 2013
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment