Wednesday, August 14, 2013

වැඩිපුරම ලස්සන දෙවෙනි අක්කා.. - ශනුද්‍රි පි‍්‍රයසාද්

අක්කලා නංගිලාගෙන් කවුද වැඩිපුරම ලස්සන?
ම්.... වැඩිපුරම ලස්සන දෙවැනි අක්කා ශේෂාද‍්‍රි. ඊලඟට ඩිනක්ෂි අක්කා. ඊලඟට ලස්සන මම කියලා හිතනවා.

ලස්සන වෙන්න තුන්දෙනා අතරේ තරඟයක් තියෙනවාද?
ඇඳුම්වලටයි. සපත්තුවලටයි. කෑමවලටයි තමයි වැඩිපුරම රණ්ඩු කරන්නේ. මම නම් අක්කලාගේ ඇඳුම් හොරෙන්ම ඇඳලා හොරෙන්ම ගෙනත් තියෙනවා. ඒත් අක්කලා මගේ ඇඳුම් අඳිනකොට නම් මට අහුවෙනවා.

ශනුදී මහත් වෙලා නේද?
ඔව්. මේ දවස්වල ටිකක් මහත් වෙලා. මේ දවස්වල ටිකක් කනවා වැඩියි.

මහත අඩු කරගන්න මොකුත් කළේ නැද්ද?
නැහැ. පාඩම් වැඩ නිසා වේලාව අඩුයි. ඒත් අක්කලත් එක්ක ඇවිදින්න යනවා. ඒ වගේම කෑමත් බොහෝ දුරට අඩු කරලයි තියෙන්නේ.

අක්කලාට ෆැෂන් ඩිසයිනින් කරනවා කියලා ආරංචියි. ඇත්තද?
විනෝදාංශයක් විදියට තමයි. ගොඩක්ම කැමැති මියුසික්වලට.

විලාසිතා කරන්න පටන් ගත්තේ කොයි කාලෙද?
පොඩි කාලේ ඉඳල, අවුරුදු 12, 13 දී විතර. ඒත් මම ඒ විලාසිතා කළේ ගෙදර ඇතුලේ විතරයි.

ඇයි ඒවා ඇඳ ගෙන පාරේ යන්න බැරිද?
ඔව්. ඒවා ඇඳගෙන ගියොත් අම්මගෙන් බැනුම්.

දැන් ඔයා කරන විලාසිතාවලට අම්මාගෙන් විරෝධතා නැද්ද?
නැහැ. එහෙම බලපෑමක් නැහැ. මගේ ඇඳුම් මහන්නේ අම්මි. කොහේ හරි යන්න  ඕනනම් ඇදුම් ගන්න තුන්දෙනාම යනවා.

ශනුදි ගොඩක්ම ලස්සන මොන ඇඳුමට ද?
අම්මි නම් කියන්නේ ගවුමට ලස්සනයි කියලා.

සැලූන් යනවාද?
කොණ්ෙඬ් කපන්න විතරයි.

ලස්සන වෙන්න නිවෙසේදී මොනවාද කරන්නේ?
මම ගොඩක් වතුර බොනවා.

0 comments:

Post a Comment