Wednesday, December 11, 2013

සෙනාලි රගන අලුත්ම එක


යොවුන් රංගන ශිල්පිණි සෙනාලි ෆොන්සේකා විදේශගත වී යළිත් කෙටි කලකින් ලංකාවට ආවේ අලුත් ටෙලියකට දායකවන්නට ය.
ඉතින් අපි පොඩ්ඩක් ඒ ටෙලි නාට්‍ය පිළිබදව හොයලා බැලුවා. මේ අලුත්ම ටෙලිය ගුප්ත ස්වරුපයක් ගන්නා බැව් සිතෙනුයේ මෙහි නාමය වන " කළු සෙවණැල්ල" වන බැවිනි. මෙහි අධ්‍යක්‍ෂක හා තිර රචක "දිලූක ප‍්‍රසාද් ගුණතිලකගේ" වන අතර මෙහි රූගත කිරිම් දැන් ආරම්භ කර තිබේ. මෙතෙක් සිංහල ටෙලි නාට්‍ය කලාව තුළ රූප රචන වෙනතකට යොමු කිරීමට ගත් උත්සාහයක් ලෙස කඑ සෙවනැල්ල තුළ දී උත්සහා කරඇත.


ජීවන් කුමාරතුංග, රොෂාන් රණවන, ක්ලීටස් මෙන්ඩිස්,සුනිල් පේ‍්‍රමකුමාර, මොරින් චාරුණී මල්කාන්ති ජයසිංහ, සමනලී ෆොන්සේකා, සෙනාලි ෆොන්සේකා, දිනක්ෂි ප‍්‍රියසාද්, මීණා කුමාරි, මනෝහාරි විමලතුංග, ගයත‍්‍රි රාජපක්‍ෂ නිරෝෂන් විජේසිංහ, රෝහිත මාන්නගේ, පවිතා‍්‍ර වික‍්‍රමසිංහ යන ප්‍රවීණ හා නවක නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායකත්වයලබා දෙයි.

"සැන්ඩ‍්‍රා විනෝදනී හපුආරච්චි" මෙම ටෙලියේ නිෂ්පාදනයෙන් දායකත්වය ලබා දෙනු ලබන අතර ඇය දැනට එංගලන්තයේ පදිංචිව සිටියි.

මෙම නාට්‍ය තුළින් තරුණ මනෝ වෛද්‍යවරයෙක් වන ආතර් ඩියෝ ඩම්ස්ටන් ගම්මානය වෙතට පැමිණ එහි වැසියන් තුල මනසේ පවතින කඵ සෙවනැල්ල පිළිබද වන භීතිය දුරු කිරීමට හා කඵ සෙවනැල්ල තුළ සිටින කෙනා කවුරුන්ද යන්න ගැන ගවේශණ කරන්නටවේ පේන දේ නොපෙනෙන දේ අතරින් ඇත්ත වෙන් කර හදුනාගැනීමට ආතර් ඩියෝ සහ වොට්සන් ෆර්ඬේ එක්ව ගන්නා උත්සහය ඩර්ම්ස්ටන් වැසියන්ගේ අනාගතය තුළ වූ කළු පැහැයත් ආලෝකය සොයා දෙන්නෙක් බදු වී තිබේ.