ඈ මෙතෙක් නියැලී සිටි කලා කටයුතු වලින් මදක් ඈත්ව අලුත්ම වැඩකට ඇත ගැසීමට යන පුවතක් ගැන ද අපට දැනගන්නට ලැබුණි. ඒ ඇය ලබන පළාත් සභා මැතිවරණයෙන් දේශපාලනයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටීමයි. මේ සෑම කරුණක් ම අතරේ අනාරාධිතව පැමිණ ගයේෂාගේ කාමරයේ සිටි අයෙකු කොටුකරගන්නට ඇගේ මව පසුගියදා සමත් වූ බවට පැතිර ගිය රාවයක් නිසා කලා ලෝකයේ යම් තිගැස්මක් ඇතිව තිබුණි.
එහෙත් ඒ සිද්ධිය පිළිබදව සොයා බැලු අපට නම් දැනගන්නට ලැබුණේ ගයේෂාගේ මව මෙසේ කොටුකරගත්තේ ගැරඞියකු බවයි.
එසේම ගයෙශාට පෙම්වතෙක් සිටින බව නම් දැන් ප්‍රසිද්ධ රහසකි. ඇගේ පෙම්වතා "ඔබයි මගේ ජීවිත..."' නම් වූ ගීත ගායනයෙන් ජනාදරයට පත් වූ ගායක "හසංජිත් චතුරංග කුරුප්පුආරච්චි" වේ. කෙසේ හෝ මේ දෙපළගේ පෙම් හුටපටය ලබන වසරේ විවාහයකින් කෙළවරන්නට නියමිත බව ද පැවසේ.



