කාවිංග සිය පෙම්වතිය සමග විවාහ ගිවිසගනිමෙන් අනතුරුව දෙපාර්ශවයේ ආශීර්වාදය මැද කල්හාතකරන මොහතක අක්ෂා විසින් කාවිංග සමග ආරම්භ කල සමීප සම්බන්ධතාවය හේතුවෙන්ම කාවින්ගගේ පැරණි සම්බන්ධතාවය බිඳී ගියේය.
ඒ දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවකින්ද පසුවය. එම සම්බන්ධය බිඳී යාමෙන් අනතුරුව අක්ෂා හා කාවිංග හොර රහසේ පවත්වාගෙන ගියත් මාධ්‍යයට එය වසන් කළේය.
ඒ අතරතුර කාවිංග විසින් තමා ජීවෙතය වරද්දවාගත් බවත් දැන් කලකිරී සිටින බවත් පවසා තිබුණි. නමුත් කාවිංග ගේ හා අක්ෂා ගේ ජායාරූප එකතුවන් අන්තර්ජාලය ඔස්සේ එලි දක්වන විට ඔවුන්ට එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි විය. ඒ අනුව අක්ෂා සහ කාවිංග සති අන්ත ටැබ්ලොයිඩ් පුවත්පතක් මගින් හා හා පුරා සිය පෙම්පුවත ප්‍රචාරය කළේය.
නමුත් අද වනවිට අක්ෂා ද කාවිංග හට පිටුපා ඇත. අක්ශාගේ තීරණය මත ඇය කාවිංග සමග පැවැත්වූ සම්බන්ධතාවය මේවනවිට නවතා දමා ඇත. ඒ අනුව කාවිංග හට පැරණි පෙම්වතියද අහිමිවීගොසිනි. පැරණි පෙම්වතිය අහිමි කරගනිමින් හිමිකරගත් අක්ෂා ද අහිමිව ඇත.
කාවිංග පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මේ පිලිබඳ පැවසුවේ මෙවැන්නක්.
නිවේදකයා : තනිවී සිටින්නැයි මා අදහස් කලේ
ඔබමයි කියා ඇවිදින් එය වෙනස් කලේ...
වේදනා පිරි ලොවක් ඔබයි බිහි කලේ..
කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා
කෝ ඈ?
කොහෙද මගේ රන්කිරිල්ලි ?
මේ සින්දු දැන් ඇහෙනවද?
කාවිංග : ඇහෙනවා ඇහෙනවා අහනවා..
නිවේදකයා : එහෙනම් මම ආපහු හරි තැනට එන්නම්.. කෝ ඇය?
කාවිංග : ඉන්න තැනක හොදින් සතුටින් හිනාවෙලා ඇතිනේ?
නිවේදකයා: දැන් ඔබ තනියෙන්ද?
කාවිංග : ඔව්
නිවේදකයා : ඇයි තනිවුනේ?
කාවිංග : තාම දන්නේ නැහැ..නමුත් ඉතින් ඉන්න තැනක් හොදින් සතුටින් ඉන්නවනම් ඒ ඇති..මම චර්ච් ගිහිල්ලත් හැමවෙලාවෙම විශ් කරන්නේ ඒක..එච්චරයි..thats it