පසුගියදා ප්‍රවීණ නළු සනත් ගුණතිලක තාවකාලිකව පැවිදි දිවියට ඇතුළත්වීම ඇතැම් තැනෙක විවේචනයට බඳුන් වුණා. ප්‍රසිද්ධිය සඳහා ආගම පාවිච්චි කිරීම වරදක් ලෙස ඇතැමෙකු දුටුවා.
සනත් ගුණතිලක පැවිදි තත්වයෙන් ඉවත්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් පළමුවරට පසුගිය සතියේ පුවත්පත් සම්මුඛ සාකච්ඡුාවකදී කරුණු පැහැදිලි කළා.
ඔහු පවසන්නේ තමා මෙය ප්‍රසිද්ධිය සඳහා නොකළ බවයි. තාවකාලික පැවිදිවීමෙන් පසු ඇත්තටම පැවිදි වන්නටත් දැන් ඔහු බලාපොරොත්තුවෙන් පසුවෙනවා.
ඔහු ඒ ගැන කියා සිටි අදහස් පහත පරිදිය.
ඔබ පැවිදිවූයේ සසර දුකින් එතෙරවීමේ අදහසකින් නොවේ නේද? ඇත්තටම ඇයි එහෙම කළේ?
මා මෙයින් ප්‍රසිද්ධියක් ගන්න බලාපොරොත්තු වුනේ නෑ. මේ විදිහට ඒ ගැන යළි කථාකරන්නෙත් පැවිදිවීමට පෙර සිදුවූ පොරොන්දුව ඉටුකිරීමට. පැවිදිවීමට ආසන්න හේතුව නම් මගේ චිත්‍රපටයක එන භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ චරිතයක් සඳහා පූර්ව අත්දැකීම් ලබාගැනීමට.
අත්දැකීම් ගන්න පැවිදිවෙන්න ඕනමද?එය ශාසන විරෝධී නේද?
ඔය ප්‍රශ්නයට පිළිතුරු දෙන්න තරම් ධර්ම විනය ගැන මට ගැඹුරු අවබෝධයක් නෑ. එය විමසිය යුත්තේ මා පැවිදි කළ ස්වාමීන් වහන්සේලාගෙන්. මම දන්නෙ මම පැවිදි වුණා කියල විතරයි.
ලංකාවේ භික්ෂු චරිත කරපු අනෙක් නළුවන්ට ඒ ර`ගපෑම් කරන්න පැවිදිවීමට අවශ්‍ය වුනේ නෑනේද?
අනෙක් අය ගැන මං දන්නේ නෑ.නමුත් මම කරනදේ හරියට කරන්න උත්සාහ කළා.
පැවිදිවීමට මත්තෙන් විනය ශික්ෂාව වනපොත් කරමින් කාලයක් ඒ සඳහා පේවෙනවා.ඔබ එය කළාද?
ඇත්තටම ඔව් මම පාලි පාඨ සියල්ල පාඩම් කළා.සූදානම් වුණා. මෙවැනි යෝගාවචර ජීවිතයට මම හදිසියේ ප්‍රවිෂ්ඨ වුණා නෙමෙයි.මගේ පියා කතෝලික වුණාට මව හොඳ බෞද්ධ කාන්තාවක්.මිත්තණිය දසසිල් මාතාවක්. පන්තියේ බුද්ධාගමට දෙන තෑග්ග නොකඩවා මම දිනුවා.
කම්සැප අඩු නැතිව වින්ද ඔබ කසාවතක් ඇඳ භික්ෂු ජීවිතයට ඇතුළු වෙනවා.මහණ ජීවිතය ගැන මොනවගේ හැගීමක්ද ඇතිවුනේ?
මහා සැහැල්ලූවක් හිතට දැනුනේ. සියලූ බාහිර සබඳතාවලින් මිදුණා.පන්සලේ දායක දායිකාවනුත් මට සත්කාර කළා.වැඳුම් පිදුම් කළා.
පැවිදි වූ පසුව ජීවිතය ගැන හැරිල බැලූවද?
නිස්කාන්සුවේ ඉන්නකොට අතීතය ආවර්ජනය නොවුණා නෙමෙයි.විශේෂයෙන්ම අපි මේ ලූහුබඳින ලෞකික ජීවිතය තුළ පැරදුණ වැරදුණ අවස්ථා ගැන හිතන්න තරමට විවේකයකුත් නිදහසකුත් තිබුණා. නමුත් ඒ ක්ෂණයකින්ම මට මතක්වෙනවා මම දැන් පැවිද්දෙක් නේද කියලා. ඒත් ලේසියෙන් හිත මෙල්ල කරගන්න පුළුවන් වුණා.
මේක තාවකාලික පැවිදි දිවියක් වුණත් තීරණාත්මක අවස්ථාවක ඔබ ස්ථිරවම පැවිදි වේවිද?
වෙන්න පුළුවන්.පුද්ගලයෙකු අවුරුදු සියයක් ජිවත්වෙලා ලබාගන්න අත්දැකීම් සියල්ල මං ලබලා ඉවරයි. සිනමා දේශපාලන පුද්ගලික ජීවිත මේකට ඇතුළත්.මින් පස්සෙ බදාගන්නෙ නෑ. මට අත්හරින්න හිතුණොත් අත්හරිනවා.ඒ තීරණය ගන්න මට දැන් ධෛර්යය තියනවා.
(රිවිර පුවත්පතේ චන්දන කාරියවසම් සිදු කළ සාකච්වකින් සිදු කළ උපුටන කිහිපයකි)

0 comments:
Post a Comment