අර්ජුන් කමලනාත්ගේ ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ චිත‍්‍රපටය පසුගිය කාලේ කථාබහට ලක්වුණා.එහි ඔහුගේ පෙම්වතිය බව කියන අමීෂා කාවින්දිත් ර`ගපෑවා.සාර්ථකව ප‍්‍රදර්ශනය වෙමින් තිබියදී එක්වරම මේ චිත‍්‍රපටය සිනමා ශාලාවලින් ඉවත් කළා.ඒ අතරවාරයේ අර්ජුන්ගේ දීර්ඝ කාලීන නේවාසික පෙම්වතිය ලෙස සිටි අමීෂා කාවින්දි රට හැර ගිය බවත් වාර්තා වුණා.අර්ජුන්ව අතහැර අමීෂා රට ගිහින් තියෙන්නේ වෙනත් කෙනෙකු සමග ඇය මිතුරුවී තිබීම නිසා යයිද කථාවක් පැතිරුණා. මේ ගැන ඔහු කියා සිටින්නේ අපි වෙන් වුන බව ඇත්ත ඒත් ඔය කියන කතාව බොරුවක්. අමීෂා ගියේ දොහා කටාර්වලට. අමීෂගේ අක්කයි, ළමයි දෙදෙනායි, මස්සිනයි එක්ක. එහෙම නැතිව වෙන කෙනෙක් එක්ක යාළුවෙලා මාව දාල ගියා නෙමෙයි. හැබැයි අපි අතර ආදර සම්බන්ධය නතර වෙලා දැනට මාස 6 ක් විතර වෙනවා. ඒ අපි දෙදෙනා කතා කරලා ගත් තීන්දුවක් අනුවයි.මවුපියන්ගේ ආශිර්වාදය මැද අපි එකතු වෙන්න හිටියේ. ඒ නිසා හඳහන් බලන කොට අපි දෙන්නටම අපලයි.
මට සෙනසුරු ලබලා, අමීෂාට රාහු ලබලා. මේ කාරණය ඇත්තද බලන්න බොහෝ අය ළගට ගිහින් අපේ හඳහන් බැලූවා.ඒ හැමෝම කිවේවේ අපි දෙන්නට වෙන් වෙන්න කියලා. අමීෂා විදේශ ගත වෙනවා නම් හොදයි කියලා කිව්වෙත් ජ්‍යෝතිෂවේදීන්.චිත‍්‍රපටයෙන් පස්සේ අමීෂා ක්ෂේත‍්‍රය පිළිබඳව කලකිරීමෙන් හිටියේ. එයා ර`ගපාන්න ආයෙත් සහභාගි වෙන්නේ නැති තරමට කලකිරිලා තමයි රට ගියේ.ප‍්‍රධාන පෙළේ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකුයි ජනප‍්‍රිය නළුවෙකුයි එකතු වෙලා ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ චිත‍්‍රපටය සිනමා ශාලාවලින් ගැලෙව්වා.මේ හැම දෙයක්ම නිසා අමීෂා කලකිරුණා.කොහොම වුණත් සතියකට දෙපාරක් විතර අමීෂා මට කතා කරනවා. එයා යන කොට කිව්වේ අවුරුදු දෙකකින් එන්නේ කියලා.හැබැයි හැමදාම අපි දෙන්න හොඳ යාළුවෝ..
0 comments:
Post a Comment