Saturday, September 7, 2013

සුජානි හොරෙන් පනියි



සුජානි පුංචි කාලෙ ඉඳලම සතෙන් සතේ එකතු කරන හැටි කියලා දුන්නා ඊට පස්සේ අපිට පුංචි සුජානි මේනකා ටෙලි නාට්‍ය තුළත් සිනමාව තුළත් මුණගැහෙනවාග සුජානි නිදහස්ව චරිත තුළ ජීවත්වන ශිල්පිණියක්ග ඇය සම්මානයට පාත‍්‍ර වූ රංගන ශිල්පිණියක්ග

ජීවිතයලආදරය අපි කාටත් පොදු කාරණාගනමුත් මේ දේවල් අතර ජීවිතවලට දැනෙන බොහෝ වෙනස්‌කම් තිබෙනවා ග මේ වෙනස්‌කම් ගැන සුජානි ප‍්‍රකාශ කරලා තියෙන්නෙ මේ ආකාරයෙන්ග

පවුලේ වැඩිමහල් දරුවා හැටියට අවුරුදු හයක්‌ යනකම් ඒ කියන්නේ නංගි අපේ පවුලට එකතුවෙනකම් උපරිම ආදරයක්‌ ලැබුවාගදෙමාපියන් අතරේ විතරත් නොවෙයි නෑදැ හිතවතුන් අතරත් ලොකු පිළිගැනීමක්‌ තිබුණාගදෙමාපියන් ජීවත්වුණු ඒ සරළ දිවි පෙවෙත නිසා වගේම කලාකරුවෙක්‌ ලෙසට තාත්තගේ රැකියාවේ තිබුණ අස්‌ථිර භාවය නිසාත් මගේ කුඩා කාලයේදී දුකත් සැපත් එකසේ වින්දාග

නංගි පවුලට එකතුවෙන කාලෙ වෙද්දි මම මටත් නොදැනුවත්වම රංගන ශිල්පිණියක්‌ ලෙසට මුදල් ඉපැයූවාග ඒ නිසා නොතේරෙන කාලේ ඉඳලම වගකීම් කියනදේ මගේ කර මතට වැටෙන්න පටන් ගත්තාග

පාසලේදී තරමක්‌ ලොකු පන්තිවලට එද්දි නිදහස කියන දේ මගේ ජීවිතයට ලැබුණේ ගොඩක්‌ම අඩුවෙන්ග පාසල් ගියත් ඒ වෙනකොට රටේ බොහෝ දෙනෙක්‌ මාව දන්නා හඳුනන නිසා ප්‍රේම සම්බන්ධතාවලට යෝජනා ගලාඑන්න ගත්තාග ඒත් අම්ම තාත්තගෙ හිතට දුකක්‌ දැනෙයි කියලාල ලොකු බයක්‌ හිතේ තිබුණාග ඒත් පන්තියෙන් හොරෙන් පැනලා යාළුවෝ එක්‌ක කරපු හොරවැඩත් නොතිබුණා නොවෙයිග මට මතකයි යාළුවන්ගේ ආදර කතාවලට මම උදව් කරපු හැටිගනමුත් මටත් එහෙම දෙයක්‌ ඕන කියන තැන මම හිටියෙ නැහැග

ඇත්තටම පිරිමි ළමයෙකුට හිත ගිහිල්ලම නැද්ද?
මම හිතින් කැමතිවෙලා හිටිය පිරිමි ළමයි කීපදෙනෙක්‌ හිටියාග ඒ අය අතරින් හිතට වැදුණු කෙනෙක්‌ හිටියාග නමුත් ඒ සියලු රහස්‌ තොරතුරු කතා බහ කළේ මගේ හිතයි මගේ යාළුවෝ අතරයි විතරයිග

බිමල්ගේ හමුවීම ජීවිතේ ආදරයට පෙරළුවේ කොහොමද?
මගේ ජීවිතේ සමහර දේවල් හැරුණු කොට අනිත් සියලුම දේ එහෙම පිටින්ම කනපිට පෙරළුණාග ඇත්තටම මගේ ජීවිතේ ආදරයේ හරි වැරදි දැන හඳුනගත්තේ බිමල්ගෙන්ග මම විවාහ වුණාට පස්‌සේ තමයි තේරෙන්නෙ අපි ආදරේ කරපු අවුරුදු හතරෙදී සමාජයේ සිදුවන දේවල් ඔස්‌සේ බිමල් මාව එතරම් පරිස්‌සම් කළේ අද මාව මෙතනට ගේන්න කියලාගඅම්ම තාත්තගෙන් පස්‌සේ මගේ ජීවිතේ සියලු දේ දන්න එකම කෙනා තමයි බිමල්ග ඒ ආදරය නිසා අද මම සාර්ථක බිරිඳක්‌ වගේම ගෘහණියක්‌ තැනට පත්කරලා තියෙනවාග

යම් කිසි දවසක විරහ වේදනාවක්‌ ඔබට දැනුණොත්?
මම සාමාන්‍ය ප්‍රශ්නවලදී තරමක්‌ කඩා වැටෙන කෙනෙක්‌ග බිමල් තමයි ඒ හැම අවස්‌ථාවකදීම මාව නැගිට්‌ටවලා ගන්නේග මොනයම් හෝ විදිහකින් එවැනි අත්දැකීමක්‌ ලබන්න සිදුවූණෙත් අනෙක්‌ කෙනාට මගෙන් නම් කරදරයක්‌ වෙන එකක්‌ නැහැග මොකද අපේ ක්‍ෂේත්‍රයේ බොහෝ අය මෙවැනි සිදුවීම් හරහාත් ලොකු ප්‍රසිද්ධියක්‌ ගන්න බලනවනේග මට හිතෙන දෙයක්‌ තමයි මගේ පෞද්ගලිකත්වය පිටට යා නොදී පවුලේ අය විතරක්‌ දැනගත යුතු දෙයක්‌ කියන එකග ඒ නිසා විරහ වේදනාවක්‌ දැනෙන කොයිම මොහොතකවත් හැඟීම්වලට ඉඩ නොදී බුද්ධියෙන් ඒ දෙවල්වලට විසඳුම් සොයා ගත යුතුයිග

0 comments:

Post a Comment