Monday, September 30, 2013

මම ‘ ඕලූ‍‘ ගේ ප‍්‍රතිරූපය දිගටම කැමතියි

සැබෑ නම අමතක වුවදි ඕලූ‍’ කියූ සැණෙන් මතකයට නැ‍ෙන රංගන ශිල්පිනිය ඇයයි. ඇය මංජුලා කුමාරි. මංජුලා මීට කලකට පෙර විකාශය වූි ඕලූ‍’ ටෙලි නාට්‍යයේ,ි ඕලූ‍’ ගේ චරිතය නිරූපණය කරමින් රංගන ක්ෂේත‍්‍රයට පිවිසියා. පසුගිය කාලය තුළ මංජුලා පිළිබඳ දැනගන්න ලැබුණේ නෑ. අප මංජුලාට කතා කළේ ඒ නිසයි.

ඔබ පසුගිය කාලේ නිර්මාණවලින් දැකගන්න නොලැබුණේ ඇයි?

ඔව්, ඒක තරමක් දුරට ඇත්ත. ඒකට ප‍්‍රධාන වශයෙන්ම මුල් වුණේ මගේ පෞද්ගලික කාරණා. එක දිගට ක්ෂේත‍්‍රයේ වැඩ කරන විට මට වෙහෙසක් වගේම හරිම ඒකාකාරී බවක් දැනුණා. ඒ නිසයි රඟපෑමෙන් ටික කාලයක් දුරස් වෙලා හිටියේ. ඒ වගේම ටිකක් විවේකීව ඉන්න  ඕන කියන හැඟීම ඇතිවුණා. මේ හේතු නිසා තමයි පසු කාලෙ ටෙලිනාට්‍යවල මම වැඩිපුර දකින්න නොලැබුණේ.

ඒ කාලය තුළ ඔබට රඟපාන්න ආරාධනා ලැබුණේ නැත්ද?

ඇරයුම් ලැබුණා. ඒ ගැන මම ඒ නිර්මාණ කරුවන්ට ස්තුතිවන්ත වෙනවා. නමුත් ඒ ආරාධනා මම ප‍්‍රතික්ෂේප කළේ ටික කලක් විවේකීව ඉන්න  ඕන කියන හැඟීම තදින්ම තිබුණු නිසා.


රංගනයෙන් දුරස් වෙලා සිටි කාලය ගෙවුණේ කොහොම ද?

මමයි මගේ මහත්තයයි විදෙස් රටවල් කීපයකම සංචාරය කළා. ප‍්‍රංශය, ඉතාලිය, බැංකොක්, සිංගප්පූරුව වැනි රටවල සංචාරය කළා. හරිම නිදහසේ ඒ කාලය ගෙවුණා.

ඔබ රඟපෑ නිර්මාණ ළඟදී එන්න තියෙනවා ද?

රංගනයෙන් විවේක අරගෙන මාස 9 කට පසුව මම දායක වුණු ”බ‍්‍රහ්ම මුහුර්තිය” ටෙලි නාට්‍යය ළඟදීම රූපවාහිනී නාළිකාවක විකාශය වේවි. මම මේ ටෙලි නාට්‍යයට දායක වුණේ, මෙය වෙනස් ආකාරයක ටෙලි නාට්‍යයක් නිසා. ඒ වගේම එහි රූපගත කිරීම් දවස් ගණනාවක් තිබුණේ නෑ. ”බ‍්‍රහ්ම මුහුර්තිය” යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් පිළිබඳ කියැවෙන හරිම අපූරු ඒකාකාරී බවෙන් මිදුණු ටෙලි නාට්‍යයක්. මෙම ටෙලි නාට්‍යයේ මමරඟපාන්නේ ගැමි වෙද ගෙදරක වැඩ කරන යුවතියකගේ චරිතයක්. බෙහෙත් කොටන, බෙහෙත් බඳින, ලෙඩුන් බලාගන්නා චරිතයක්. මේ ටෙලි නාට්‍යයේ ඉතාම දක්ෂ පිරිසක් රඟපානවා.

ඔබ ටෙලි නාට්‍ය කීපයක්ම නිෂ්පාදනය කළා නේද?

ඔව් අපි මේ වන විට ටෙලි නාට්‍ය 4 ක් නිෂ්පාදනය කරල තියෙනවා. පසුගිය කාලෙ ඒකෙනුත් ටික කාලයකට මිදුණා. ටෙලි නාට්‍යයක වැඩ පටන් ගත්තාම මාස 5 ක් - 6 ක් විතර එක දිගටම වෙහෙස වෙලා වැඩ කරන්න  ඕන. පසුගිය කාලෙ මට රූපවාහිනී නාළිකා කීපයකින් කතා කරලා කිව්වා ඒ නාළිකාවලට ටෙලි නාට්‍යයක් කරන්න කියල.

එතකොට දැන් ඔබ නැවත වැඩ කරන්න සූදානම් ද?

ඔව් වෙනස් ආකාරයේ නිර්මාණ ලැබුණොත් මම ඒවා බාර ගන්නවා. ”බ‍්‍රහ්ම මුහුර්තිය” ටෙලි නාට්‍යයේ රඟපෑවේ ඒ නිසයි.

දැන් නිර්මාණය වන බොහොමයක් ටෙලි නාට්‍ය ඉතාම ඒකාකාරී බවයි පේ‍්‍රක්ෂකයින් පවසන්නේ. ඔවුන්ට දැනෙන ඒ ඒකාකාරිත්වය රංගන ශිල්පිනියක් විදියට ඔබට දැනෙනවා ද?

ඇත්තටම ඔව්. ඉස්සර වෙලා කිව්ව වගේ ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ තිබුණු ඒ ඒකාකාරී බව නිසයි මම ටික කාලෙකට රංගන කටයුතුවලට දායක නොවුණේ. දැන් ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නෙම වාණිජමය පරමාර්ථයෙන්මයි. ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රය ව්‍යාපාරයක් බව ඇත්ත. නමුත් නිෂ්පාදනයේදී සීයට සීයක්ම වාණිජමය පරමාර්ථයෙන් කිරීම සුදුසු නෑ. එය හොඳ නිර්මාණයක් බිහිවෙන්න බාධාවක්. ඒ නිසයි අද ටෙලි නාට්‍යවලින් බොහෝ පේ‍්‍රක්ෂකයින් දුරස් වෙලා ඉන්නේ. මම කියන්නෙ නෑ සෑම ටෙලි නාට්‍යයක්ම ගැඹුරු නිර්මාණ විය යුතුයි කියලා. දවස තිස්සේ වෙහෙස වෙලා නිවෙසට එන මිනිසුන්ට නරඹල හිත සැහැල්ලූ‍ කරගන්න සරල සුන්දර නිර්මාණ තියෙන්න  ඕන. නමුත් ඒවා තුළත් නිර්මාණශීලී බවක් තිබිය යුතුයි.

අනෙක් කාරණය තමයි අද හැදෙන බොහෝ ටෙලි නාට්‍යවල බැණ අඬ ගැහීම් ඉතා වැඩියි. සැර පරුෂ වචන භාවිතය වැඩියි. මේව සමාජයට කුඩා දරුවන්ට බලපානවා. ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමේදී ඒ ගැනත් හිතන්න  ඕන.

ඔබ අහිංසක චරිත විතර ද රඟපාන්නෙ?

මට බොහෝ අධ්‍යක්ෂවරු කතා කරන්නෙ ඒ වගේ චරිත රඟපාන්න. ඒක මගේ ස්වරූපයත් එක්ක එන දෙයක්. ඒ වගේම පේ‍්‍රක්ෂකයිනුත් මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ අහිංසක ගැමි චරිත ඉදිරිපත් කිරීමක්. ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව බිඳින්න මම කැමැති නෑ. මමත් පෞද්ගලිකව කැමැතියි අහිංසක ගැමි චරිත රඟපාන්න.

ඇයි චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට වැඩිපුර යොමු නොවුණේ?

සාර්ථකව තිරගත වුණු චිත‍්‍රපට කීපයකටම මට ආරාධනා ලැබුණා. විවිධ හේතු නිසා ඒ ඇරයුම් ප‍්‍රතික්ෂේප කරන්න සිදුවුණා. මේ වන විට ලෙස්ටර් ජේම්ස් පීරිස් සර්ගෙ ”අම්මාවරුනේ” හේමසිරි සෙල්ලප්පෙරුමගේ ”අංජානා” යන චිත‍්‍රපටවලට මම දායක වෙලා තියෙනවා.

මේ වන විට ඔබ කුමන චරිත රඟපෑවත් තවමත් පේ‍්‍රක්ෂකයින් ඔබව හඳුන්වන්නේි ඕලූ‍’ කියල නේද?

අනේ, ඔව්. ඒක මට ගෞරවයක්. මම හරිම කැමැතියි  ඕලූ‍ කියන ප‍්‍රතිරූපය ආරක්ෂා කරගන්න.

ඔබ විවාහ වෙලා දැන් කලක් ගතවුණා නේද? ගෙවුණු කාලය ගැන මොනව ද හිතන්නෙ?

අපි විවාහ වෙලා දැන් අවුරුදු 5 ක්. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා. හැමෝටම වගේ මේ කාලය තුළ අපිටත් පුංචි පුංචි ගැටලූ‍ ඇතිවුණා. කතාබහ කරල අවබෝධයෙන් ඒ ගැටලූ‍ විසඳා ගත්තා. මට හොඳ දරා ගැනීමේ ශක්තියක්, හොඳ ඉවසීමක් තියෙනවා. මගේ සැමියත් මගේ අම්මත් ආච්චිත් මගේ කලා කටයුතුවලට ගොඩක් උදව් කරනවා.

දැන් මවක් වෙන්න කාලේ හරි නේද?

ඉදිරියේදී ඒ බලාපොරොත්තුවත් හිතේ තියෙනවා.

..............................................................................
උපුටා ගැනිම ගොසිප් ඊ ලංකා වෙබ් අඩවියෙනි..
...............................................................................

0 comments:

Post a Comment