නිරෝෂාට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර කොහොමද ?
‘නිරෝ ඇන්ඩ් ද ස්ටාර්’ වැඩසටහනත් එක්ක ලැබෙන ප්‍රතිචාර නම් හොඳයි.
මේ වැඩසටහනට කවුරුත් බණින්නේ නැද්ද?
බණින විදිහට නෙවෙයිනේ ප්‍රශංසා කරන විදිහට තමයි වැඩසටහන කරන්නේ.
ඔයාගේ හැසිරීම් අසංවරයි කියලා කවුරුත් කියන්නේ නැද්ද?
ඔය හැසිරීම් අසංවරයි කියන්නේ මොනවාද?
කොටට අඳින එක අසංවර කමක් නෙවෙයිද?
අසංවරකම තියෙන්නේ බලන කෙනාගේ ඇස් දෙකේ මිසක් අඳින ඇඳුමේ නෙවෙයි.
ඔයා කරන හැම දෙයක්ම ලංකාවට ගැළපෙනවා කියලද හිතාගෙන ඉන්නේ?
මම දෙයක් කරනවා නම් මම ඒ දේ කරන්නේ ලංකාවටනේ. කොහොමත් කිසිම දෙයකින් හැමෝම සතුටු කරන්න බැහැ. මට අකැමැති අය මට අදාළ නැහැ. මම කරන දේවල් නොබලා ඉන්න අයිතියක් තියෙනවා. මොකද දුරස්ථ පාලකය තියෙන්නේ බලන අයගේ අතේ. වැඩේ තියෙන්නේ අකැමැති අයත් බලන එකනේ. මොකද කරන්නේ?
නිරෝෂා වයසටත් යන එකේ කසාද බැන්දොත් නරකද?
කසාද බඳින්න ඉතින් වයස සීමාවක් නැහැනේ. කවුරුත් අහන පළියට කවුරුත් කියන පළියට මම කසාද බඳින්නේ නැහැ. මට බඳින්න හිතුණොත් අ¼ඩබෙර ගගහා ඉන්නෙත් නැහැ.
කෙනෙක් නොලැබිම නෙවෙයිද වුවමනාවක් නැතිකම නැතිකම කියන්නෙ ?
කෙනෙක්ව හොයා ගන්න හිතෙන්න හරි වුවමනාවක් තියෙන්න ඕනනේ.
එහෙනම් නිරෝෂා හොරෙන් කසාද බඳීද?
මම කාගෙ හරි දෙයක් හොරෙන් ගත්තොත් නේ හොරෙන් කසාද බඳින්න ඕනේ. හොර බඩු මිලදී ගැනීම, ළඟ තබා ගැනීම බරපතල වරදක් කියලා මම දන්නවා. ඒ නිසා ඒවා කරන්න යන්නේ නැහැ.
එහෙනම් විවාහවෙලා පවුලක් වෙන්න නිරෝෂාට කිසිම වුවමනාවක් නැහැ?
මට දැනටමත් සතුටින් සාමයෙන් පිරි පවුලක් තියෙනවා. ඒ පවුලේ ඉන්නේ මගේ අම්මයි, සහෝදරියොයි.
කාන්තාවකට විවාහ වෙන්නේ නැතිව ඉන්න පුළුවන්ද?
තමන්ට ජීවත් වෙන්න පුළුවන් ආදායමක් තියෙනවා නම් හිතක් තියෙනවා නම් ඉන්න පුළුවන්. විවාහ වෙන්නම ඕනේ කියලා නීතියක් නැහැනේ.
නිරෝෂා හිනා වෙන්නේ කැමරාව ඉස්සරහා විතරද?
මට හිනාවෙන්න කැමරාවක් ඕනේ වෙන්නේ නැහැ.
නිරෝෂාගේ ගතිගුණ?
ඔය ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් දෙන්න මට පුළුවන්. මොකද මං ගැන වැඩියෙන් දන්නේ මමනේ.
ඔය පැහැදිලියි කියන ටික කියන්න බලන්න?
කෙටියෙන්ම කිව්වොත් කාටවත් කරදරයක් නැති, හිංසාවක් නැති, දැහැමිව ජීවත් වෙන, අනුන්ගේ සතුට දිහා බලලා සතුටු වෙන, ඊර්ෂ්‍යාව, වෛරය, ද්වේෂය, ක්‍රෝධය, මෝහය යන දේවල්වලින් මිදිච්ච, ජීවිතයේ සත්‍ය වටහා ගන්න, හොඳට කන බොන වෙලාවට නිදියන, පොත් කියවන්න ගොඩක් කැමැති. පොත් කියවන්න ඕනම දෙයක් කැප කරන්න පුළුවන් කෙනෙක්.
එහෙනම් නිරෝෂා දැඩිව ආගම අදහනවා?
මම බෞද්ධයෙක්. මම පෙර කුසල් අකුසල් විශ්වාස කරනවා. අපි ඉපදෙනකොටම අපේ පෙර ආත්මේ අනුව තමයි අපේ ජීවිතේ තීරණය වෙලා එන්නේ. අපිට තියෙන්නේ ඒ විදිහට ජීවත් වෙන්න විතරයි. මගේ ආගම තියෙන්නේ හිතේ.
දැන් ඔයා, ඔය කියන විදිහට ඔයා ඉපදිලා ඉන්නේ මොකටද?
මම විශ්වාස කරනවා මම ඉපදිලා ඉන්නේ අනිත් අයට උදව් කරන්න වගේම අපහසුතාවයෙන් ඉන්න මිනිස්සුන්ව සැහැල්ලු කරන්න. සතුටින් තියන්න. හරියට සමාජ සේවය වගේ.
නිරෝෂාගේ බාහිරෙන් පෙනෙන සරලකම ඇතුළේ දුකක් තියෙනවා වාගේ?
ජීවිතේම දුකක්නේ. අපේ ජීවිතේ ගලාගෙන යන්නේ අටලෝ දහම අනුව. නින්දා, ප්‍රශංසා, ලාභ අලාභ, මේ හැමදේම තියෙනවා. මගේ ජීවිතේ ලොකු ආශාවල් සහ බලාපොරොත්තු නැහැ.
ඔයාගේ ඔය සැහැල්ලුව අවාසියක් නෙවෙයි?
මම ජීවත් වෙද්දී වාසි අවාසි බලන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ මට ඕනේ විදිහට. මගෙන් කාටවත් බලපෑමක් නැහැ. හැබැයි කවුරුහරි හිතනවා නම් ඒක මෝඩකම කියලා, නැහැ එතැන තියෙන්නේ මනුස්සකම.
කාන්තාවක් චරිතවත් විය යුතුද?
ඔය චරිතවත්ද කියලා මනින මිම්ම මොකක්ද?
ගැහැණු විතරද චරිතවත් විය යුත්තේ කාලෙන් කාලෙට එක එක රූපවාහිනී නාළිකාවල ඔයාව විකිණෙනවා නේද?
විකුණන්න ඩිමාන්ඩ් එකක් තියෙන්න ඕනෙනේ. එහෙනම් මට ඩිමාන්ඩ් එකක් තියෙනවා.
ඔයා ඔයාගේ ක්ෂේත්‍රයෙන් අයුතු ප්‍රයෝජන ගන්න කෙනෙක්ද?
මම මගේ ක්ෂේත්‍රයට ගෞරව කරනවා. මම කවදාවත් මේ ක්ෂේත්‍රයෙන් අයුතු ප්‍රයෝජන අරන් නැහැ.
ඔයාගෙන් මේ ක්ෂේත්‍රයේ අය අයුතු ප්‍රයෝජන අරගෙන නැද්ද?
මගෙන් කාටවත් අයුතු ප්‍රයෝජන ගන්න වෙන විදිහට මම ඉඳලා නැහැ. අනිත් දේ කවුරුවත් ජීවිතේට මතක හිටින පාඩමක් ඉගෙන ගන්න අකැමැති නිසා එහෙම අයුතු ප්‍රයෝජන ගන්න එන්නේ නැතුව ඇති.
නිරෝෂා රාත්‍රී සමාජ ශාලාවලට යනවාද?
මම අට නවය වෙනකොට නිදා ගන්නවා. මට කවුරුවත් ආරාධනා කරන්නේ නැහැ. එයාලා දන්නවා මම අට වෙද්දී නිදාගන්නවා කියලා.
එහෙනම් නිරෝෂා මත්ද්‍රව්‍ය එහෙමත් පාවිච්චි කරන්නේ නැද්ද?
නැහැ. මම ඒවාගෙන් සම්පූර්ණයෙන්ම තොරයි. මගේ ඉස්සරහා කවුරුවත් ඒ වගේ දේවල් කරන්න එන්නෙත් නැහැ.
.............................................................................................................
උපුටා ගැනිම සිංහයා රිඩර් වෙබ් අඩවියෙනි..