ඇය ලංකාවේ නිළියක් නොවේ’එහෙත් ඇය ලංකාවට අමුත්තියක්ද නොවේ’ලංකාවේ රසික රසිකාවියන් බොහෝ පිරිසක් ඇයට ඇලූම් කරන්නේ ඇයගේ රංගනයට ඇති කැමැත්ත නිසාය’සුන්දර රූ සපුවකට උරුමකම් කියන මේ නිළිය රංගන හැකියාව දෝතින්ම තුරුළුකරගෙන උපන්නියකි’ඇය අන් කවුරුත් නොව ඔබ අප සියල්ලන්ගෙම ආදරය දිනාගත් පූජා උමාශන්කර් ය’
පසුගිය දිනෙක ඇය ‘රිවිර’ සමග එක්වී තිබුනේ පහත පරිදිය’
පූජාගේ අලූත් චිත‍්‍රපටයක් එනවා කියලා ආරංචියි?
ඔව්.ිවිඩියුම් මූන්’ කියන චිත‍්‍රපටය තමයි ප‍්‍රදර්ශනය වෙන්න තියෙන්නේ. ඒ චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ හොලිවුඞ් චිත‍්‍රපට අධ්‍යක්ෂ බාලාජි කේ. කුමාර් කියන අධ්‍යක්ෂවරයායි. මේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වන දවසක් නම් තාම නැහැ. කොහොම වුණත් තව සතියක් ඇතුළත චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය ආරම්භ කරයි.
ලංකාවේ චිත‍්‍රපටයකට පූජාට ආරාධනා ලැබිලා නැද්ද?
මගේ හිතට දැනෙන, මොළයට දැනෙන, පේ‍්‍රක්ෂකයන්ට දැනෙන්න දෙයක් කරන්න පුළුවන් චිත‍්‍රපටයක් මේ වෙනකන්ම මට ආරාධනා ලැබිලා නැහැ.
පූජා මේ දවස්වල ලංකාවට ආවේ විශේෂ කාරණාවක් නිසා කියලා ආරංචියි?
මගේ ආච්චි අම්මාගේ දානේ තිබුණා. ආච්චි නැතිවෙලා අවුරුද්දක් වුණා. ආච්චි අම්මාගේ දානෙට තමයි ලංකාවට ආවේ. ඊට අමතරව දෙරණ ෆිල්ම් අවෝඞ් එක තියෙනවා. මේ සම්මාන උළෙලටිකුසපබා’ චිත‍්‍රපටය නොමිනේෂන් වෙලා තියෙන්නේ. සම්මාන උළෙලට නොමිනේෂන් වුණු හැම චිත‍්‍රපටයකම ඒ චිත‍්‍රපටය අදාළ කණ්ඩායම සමග සම්මුඛ සාකච්ඡුාවක් තියෙනවා. ඒක ඉවර වුණු ගමන්ම මම ආපසු යනවා.
‘කුසපබා’ චිත‍්‍රපටය ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් කියලා කියන්න පුළුවන්ද?
ඇත්තටම ඔව්. මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් ඒක. ඉන්දියාවේ මම චිත‍්‍රපටයක් කළා දමිළ චරිතයක් හිගÛන්නියකගේ. ඒ චරිතය කරලා සම්පූර්ණයෙන්ම ඒකෙන් කණපිට රාජ කුමාරියගේ චරිතයක් කිරීමට ලැබිම මගේ වාසනාවක්. දැන් තිරගත වන්නට තිබෙන චිත‍්‍රපටයත් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්.ිනාන් කඩවුල්’ චිත‍්‍රපටයේ තමයි හිගÛන්නියගේ චරිතයක් රගÛපෑවේ. මම ආසාවෙන් කරපු චරිත තුනක් තමයි මේ චිත‍්‍රපට තුනේම තියෙන්නේ.
පූජාට ලංකාවේ ශිල්පීන් එක්ක වැඩ කරන්න පහසු වුණාද?
ඇත්තටම ගොඩක් පහසු වුණා. චන්න, රොෂාන්, ජැක්සන් අයියා, කුසුම් රේණු, වීණා ජයකොඩි, චාන්දනී සෙනෙවිරත්න වගේ දක්ෂ රංගන ශිල්පීන් සමග වැඩ කටයුතු කරන්න ලැබුණු එක ඇත්තටම මට ලොකු ගෞරවයක් සහ ලොකු අවස්ථාවක්.
එහෙනම් පූජාට ගොඩක් යාළුවෝ ඇති ලංකාවේ?
නැහැ. ලංකාවේ මට එච්චර යාළුවෝ නැහැ. නිරෝෂා පෙරේරා, උපේක්ෂා, උමාලි වගේ හොඳ යාළුවෝ කිහිපදෙනෙක් ඉන්නවා.
පූජාට ලංකාවේ රගපාන්න භාෂාව ප‍්‍රශ්නයක් වුණේ නැද්ද?
භාෂාව මුලදී ප‍්‍රශ්නයක් වුණා. ඒත් පස්සෙ පස්සේ ටික ටික මම ඒක හදාගත්තා. ඕනම චිත‍්‍රපටයක චරිතයට දැනෙන හැගීම් සහ හැසිරීම් එකයි. ජපානයේ, ප‍්‍රංශයේ, ඉරානයේ චිත‍්‍රපටයක් වුණත් ඒ චිත‍්‍රපටයේ තියෙන්නේ හැගීම්.
පූජා උමාශංකර්ගේ ජීවිතේ ඉලක්ක මොනවද?
මට ඕනේ සතුටින් ඉන්න. මනස නිදහස් කරගෙන ජීවත් වෙන්න. ?ට නිදාගන්න යද්දී හිනාවෙලා, සතුටින්, මනස නිදහස් කරගෙන නිදාගන්න යන්න.
පූජා විවාහ වෙන්න පරක්කු මොකද?
විවාහ වෙන්න ගොඩක් හොඳ කෙනෙක් ලැබෙන්න ඕනනේ. ඉතින් හොඳ කෙනෙක් ලැබෙනකම්ම ඉන්නවා.
ඔයා ඔය හොඳයි කියන ගතිගුණ මොනවාද?
ගොඩක් අවංක වෙන්න ඕනේ. වංචා කරන කෙනෙක් හම්බවෙලා මගේ ජීවිතේ එයාගේ අතට දුන්නොත් ඉවරයිනේ. දැන් ගොඩක් ඉන්නේ බැටළු හම් පොරෝගත්තු වෘකයෝ. ඒ වගේ මිනිස්සුන්ගෙන් මම පරිස්සම් වෙන්න ඕනේ.
පූජාට පෙම්වතෙක් ඉඳලම නැද්ද?
නැහැ. ඇත්තමයි මට පෙම්වතෙක් ඉඳලම නැහැ. පිරිමි යාළුවෝ නම් ගොඩක් ඉඳලා තියෙනවා. මොකද මම පාසල් ගියේ කොන්වන්ට් එකකට. ගැහැනු ළමයි විතරයි හිටියේ. ඒ යාළුවන්ගේ අයියලා හිටියා. එයාලගේ යාළුවෝ හිටියා. ඉතින් ඒ හැමෝම මගේ යාළුවෝ වගේ.
ඒ කාටවත් ඔයාගේ හිත ඇදිලා ගිහින් නැද්ද?
අපෝ නැහැ. එයාලා මගේ හොඳ යාළුවෝ විතරමයි.
පූජාට ලංකාවේ නතර වෙන්න හිතෙන්නේ නැද්ද?
මේ ලෝකේ ලස්සනම තැන ලංකාව. මම මේ ලෝකේ ඕනේම තැනකට ගියොත් කියන්නේ ලංකාව තරම් මං ආසා කරන තැනක් නැහැ කියලා. ඒ තරමටම මම ලංකාවට ආදරෙයි. ආසයි.
ඉතින් ලංකාවේ නතර වුණොත් නරකද?
ඒක නම් කියන්න බැහැ. අපි දන්නේ නැහැනේ අනාගතේ කොහොම වෙයිද කියලා.
පූජා ලංකාවේ කෙනෙක් එක්ක විවාහ වෙයිද?
කියන්න බැහැ. මොනවා වෙයිද කියලා. අම්මා හැම වෙලාවෙම කියන්නේ උඩින් පේන මනුස්සයා නෙවෙයි යටින් ඉන්නේ කියලා. ඒ නිසා ඉන්දියාවේ කෙනෙක් වුණත්, ලංකාවේ කෙනෙක් වුණත් හොඳට හොයලා බලලා තමයි විවාහ වෙන්නේ.
පූජා දැන්වත් කේන්ති යන එක පාලනය කරගෙන නැද්ද?
මට අසාධාරණය පේන්න බැහැ. ඉස්සර පාසල් යන කාලේ මම යාළුවොත් එක්ක බස් එකේ යනකොට කාට හරි අසාධාරණයක් වුණොත් මම ඒකට කතා කරනවා. අදටත් මම එහෙමයි.
ඒක ඔයාගේ පැවැත්මට අවාසියක් නෙවෙයිද?
මගේ ජීවිතේ කේන්ති ගිය තැන් ගොඩක් අඩුයි. අතේ ඇගිලි ගාණටත් අඩුයි. මගේ ජීවිතේටම හතර පාරක් වගේ තමයි හොඳටම කේන්ති ගිහින් තියෙන්නේ. දුක හිතෙන වෙලාවල් නම් අනන්තවත් තියෙනවා. පාරේ ගියත් දුක හිතෙන ඒවා ගොඩක් තියෙනවා.
පූජාට ස්තූති කරන්නත් අය ඇතිනේ?
ඔව්. ඇත්තටම ඔව්. මගේ පේ‍්‍රක්ෂකයන් තමයි මාව රංගන ශිල්පිනියක් කරලා තියෙන්නේ. එයාලට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
Monday, September 9, 2013
Related Post
මම ‘ ඕලූ‘ ගේ ප්‍රතිරූපය දිගටම කැමතියි සැබෑ නම අමතක වුවදි ඕලූ’ කියූ සැණෙන් මතකයට නැෙන රංගන ශිල්පිනිය ඇයයි. ඇය මංජුලා කුමාරි. මංජුලා මී
සෙනාලි රගන අලුත්ම එක යොවුන් රංගන ශිල්පිණි සෙනාලි ෆොන්සේකා විදේශගත වී යළිත් කෙටි කලකින් ලංකාවට ආවේ අලුත් ටෙලියකට දා
අද කාවින්ග තනි වෙලා... නිළියක් හා නිරූපිකාවක් වන අක්ෂා සුදාරි සමග නිවේදකයෙකු හා නැගී එන නළුවෙකු වන කාවිංග පෙරේරා පවත්වන
අර්ජුන් අතහැර අමීෂා රට ගිහින් අර්ජුන් කමලනාත්ගේ ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ චිත‍්‍රපටය පසුගිය කාලේ කථාබහට ලක්වුණා.එහි ඔහුගේ පෙම්වති
සමහරවිට මං ඇත්තටම පැවිදි වේවි පසුගියදා ප්‍රවීණ නළු සනත් ගුණතිලක තාවකාලිකව පැවිදි දිවියට ඇතුළත්වීම ඇතැම් තැනෙක විවේචනයට බඳුන්
රන්ජන් රාමනායකට රොෂාන් රණවක ජනපි‍්‍රය නළුවා වීම පුදුම සහ ගතයි ලු රොෂාන් රණවක ජනපි‍්‍රය නළුවා වීම පුදුම සහගත යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී රංජන්
Subscribe to:
Post Comments (Atom)