
ජනපි‍්‍රයත්වය සමඟ විශිෂ්ටත්වය වෙත පා තැබූ ඇගේ මේ රංගන චාරිකාවේ අළු
බඳුනේ රංගනය ඇගේ ජීවිතයට ගෙනාවේ ඉහළම වටිනාකමකි. සේද මාවතේ මුණගැසුණු
සමනලිය පියාසර කළ දුරක තරමක්. මේ ඇගේ රංගනයෙන් මත් වූ බොහෝ දෙනා අද ඈ ගැන
දරන ප්‍රසංසනීය අදහසයි.
ආදරණීය ආශා... සරසවිය පුවත් පත සමඟ ආස හිතෙන කතා බහකට එක් වූයේ ඇයට ආදරය කරන සුවහසක් රසික, රසිකාවන් නිසාමයි.
* ආශා ජනපි‍්‍රය නිළිය වීමෙන් පසු ඔබව අල්ලන්න හරි අමාරුයි කියලා බොහෝ දෙනා කියනවා?
(සිනාසෙමින්) අනේ එහෙම නෑ... පහුගිය කාලය පුරාම පෞද්ගලික ජීවිතයේත් රංගන
ජීවිතයේත් මම හුඟක්ම කාර්යබහුල වුණා. ජනපි‍්‍රය නිළි සම්මානයෙන් පසු බොහෝ
මාධ්‍ය මට කතා කරලා තිබුණා. හුඟක් අය සමඟ සම්බන්ධ වෙන්න නොලැබුණේ ඒ කාලය
පුරාම මම අළු බඳුන රූ ගත කිරීම්වල එක දිගට හිටපු හින්දා. අනික වගකීමකින්
කටයුතු කරන මාධ්‍යයකට පමණයි මම ආසාවෙන් කතා කරන්නේ. ‘සරසවිය’ පුවත්පත එක්ක
කාලයකට පසු කතා කරන්න ලැබීම ගැන බොහෝ සේ මම සතුටට පත්වෙනවා.
* ජනපි‍්‍රය නිළිය වීමෙන් පසු ආශා ටිකක් අහංකාර වෙලා කියලා කියන අයත් ඉන්නවා?
ඒක නම් වෙන්න බැරි දෙයක් අයියේ. මම සාමාන්‍යයෙන් දෙයක් ලැබෙන්න ලැබෙන්න
නිරහංකාර වෙන කෙනෙක්. ජනපි‍්‍රය නිළිය වුණා කියලා මට අමුතු දෙයක් වුණේ
නැහැ. මා ගැන දන්න අය ඔය ප්‍රශ්නයට උත්තර බඳීවි.
* ආශා, ජනපි‍්‍රය නිළිය සම්මානය ඔබ බලාපොරොත්තු වුණේ මීට පෙර අවුරුද්දෙලු. එහෙත් එය ඔබට ලැබුණේ නැති නිසා දුකෙන්ලු කල් ගත කළේ?
මේකයි ඒ අවුරුද්දෙ මා රඟපෑ ‘රන් සමනලයෝ’ ජනපි‍්‍රයත්වයෙන් ඉහළින්ම තිබූ
ටෙලි නාට්‍යයක්. ජනපි‍්‍රය නිළි ලැයිස්තුවෙත් ඉහළින්ම මගේ නම තිබුණා. බොහෝ
දෙනා ආශා ඔබයි ජනපි‍්‍රයම නිළිය වෙන්නේ කියලා කියපු නිසාත් යන්තමට වගේ මගේ
හිතටත් පුංචි බලාපොරොත්තුවක් ආවා. හැබැයි එය නොලැබුණා කියලා දුකෙන් කල් ගත
කළේ නම් නැහැ. දන්නැද්ද එක එක්කෙනා එක එක දේවල්නේ කියන්නේ.
ප්‍රේමණීය චරිත හරහා ප්‍රේක්‍ෂක හදවතේ ආදරණීය
චරිතයක් වූ ඔබ පසුගිය දා නිමා වූ අළු බඳුන ටෙලි නාට්‍යය හරහා විශිෂ්ටත්වයට
පත් වූවා නේද?
අළු බඳුන මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂයක් වූ
ටෙලි නාට්‍යයක් කීවොත් ඇත්තටම හරි. ලඳ බොළඳ සමනලියගේ චරිත රඟපෑ මට අළු
බඳුන රංගන පාසලක් බඳුයි. අළු බඳුන උදෙසා හදවතින්ම විශාල කැපකිරීමක් කරන්න
සිදු වුණා. කතරගම වැනි දුෂ්කර පළාතක මාස ගණනක් රැඳිලා මම මාවම අමතක කරමින්
අළු බඳුනේ එම චරිතයට ඉහළම සාධාරණයක් ඉටු කළා. ප්‍රේක්‍ෂකයන්ගෙන් ලද උණුසුම්
ප්‍රතිචාර නිසා ඇත්තටම මා ඉන්නේ එවැනිම තවත් විශිෂ්ට චරිතයක් කිරීමේ
ආසාවකින්.
* ආශාගේ ඔප මට්ටම් කළ අපූරු රංගන මහිමයක් බොහෝ දෙනා අළු බඳුන තුළින් දුටු බව කීවා?
පෞද්ගලිකව
මටත් ප්‍රසංසා කළා. ආශාට මෙවැනි දක්‍ෂ රංගනයක යෙදෙන්න පුළුවන් කියලා අපි
දැනගෙන හිටියෙ නෑ නේ කියලා සමහරු කීවා. ඇත්ත වශයෙන්ම මේ නාට්‍යයට දායක වූ
සියලුම දෙනා පුදුම හැඟීමකින්, එකමුතු කමකින් වැඩ කළේ. සාරංග, ජයනි අක්කා,
මොරින් අක්කා ජගත් අයියා ඇතුළු අනිත් සියලුම රංගන ශිල්පින් තමන්ගේ චරිතවලට
ඉහළම සාධාරණයක් ඉටු කළා. අවංකවම මම සතුටු වෙනවා කාලයකට පසු ඉතාම හොඳ
නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන.
* ලොව හොඳම නළුවාත් ඔබත් සමඟ මෙහි වැඩ කළා?
ජගත්
අයියා අළු බඳුන නාට්‍යයේ රඟපෑම ඇත්තටම විශාල ගෞරවයක්. ඔහුගේ රංගනය දිහා
බලලා අපට ගත හැකි දේ බොහෝයි. ඉතාම හොඳ හදවතක් ඇති යහපත් ගතිගුණ ඇති දක්‍ෂ
රංගන ශිල්පියකු හා එකට රඟන්න ලැබීම ගැන මා ආඩම්බර වෙනවා.
* ආශා සාරංග දිසාසේකර සමඟ නිතර රඟපාන්න ආසයිලු නේද?
අනේ
ඔහු හරිම හොඳ, කරන දේ හරියට කරන බොහෝම ආදරණීය රංගන ශිල්පියෙක්. සාරංග එක්ක
වැඩ කරන්න හරිම පහසුයි. ඔහු ඔහුට හිමි චරිතය හොඳින් ග්‍රහණය කරගන්නවා.
ඇත්තටම මට ඔහු සහෝදරයෙක් වගේම ළෙන්ගතුයි.
* අළු බඳුන මනඞකල්පිත කතාවක් කීවොත්?
කතා
තේමාව නෙමේ බලන්නේ මෙහි එන සංසාරික ගැඹුරු ආදරය දිහා. බැඳීම්වල ලොකු බලයක්
තියෙනවා කියන එක අළු බඳුන තුළින් මනාව පෙන්නුම් කළා. ආදරය කියන්නේ ඇත්තටම
සංසාරෙන් සංසාරයට පතා එන දෙයක්. බොහෝ නිර්මාණ කරුවන්ට හසුනොවූ කතා තේමාවක්
මෙය.
* ඔව් ආශා, අළු බඳුනේ වගේ සංසාරික ආදරයක් ඔබට තවම නැද්ද?
ඒ ගැන කියන්න දැන්ම වේලාසන වැඩියි. මමත් හදවතින්ම පුදදෙන ආදරයකට කැමති කෙනෙක්. බලමු ඒ ගැන ඉදිරියේ කියන්නම්කෝ.
* ඒ කියන්නේ ආශා පෙම්වතියක් නෙමේ?
ආදරය කියන දේ අතිශය පෞද්ගලික දෙයක්. මම කැමැති නැහැ වැඩිදුර ඒ ගැන කතා කරන්න.
* ආශා පසුගිය දවස්වල ඔබේ පියා අසනීප වුණා නේද?
මාත් තාත්තා ළඟටම වෙලා උන්නා. මගේ පණ මගේ මවුපියන්. දෙවියන්ගේ පිහිටෙන් තාත්තට දැන් සුවයි. මම හරියට ඒ කාලේ බය වුණා අයියේ.
* කෝ ඔබ තුළවුන් නිවේදිකාව?
ඉන්නවා
ඉන්නවා. අවංකවම මම නිවේදිකාවට වඩා නිළියට කැමැතියි. මොකද මම ගෙදරින් අවසර
අරන් රඟපාන්න ආවේ බොහෝම අමාරුවෙන්. ගිරිකුළ අන්දරයෙන් ඇරැඹි මේ ගමන අළු
බඳුන දක්වා දුර එන්න ලැබීම ගැන හරිම තෘප්තිමත්. ඉඳ හිටලා නිවේදන වැඩ
කටයුතුත් කරනවා. එය අමතක කරලාම නැහැ.
* ඔබ බොහොම නිහඬ, කලබල නැති නිළියක් කියලත් ඇතැමුන් කියනවා?
ඔව්,
බොරු කලබල, බොරු බිසී මගේ ජීවිතයේ කවදත් නෑ. මම නිහඬ ජීවිතයට ආසයි. මම ඉතා
හොඳින් ආගම, දහම අදහනවා. ජීවිතේට පුදුමාකාර වෙනසක්, ශක්තියක් ඒ තුළින් ඇති
වෙනවා. ඒ පින් මහිමය නිසා වෙන්න ඇති දුකක්, කරදරයක් නැතිව අනුන්ටත්
කරදරයක් නොවී මම පාඩුවේ ජීවත්වෙන්නේ.
* ආශා රසික ආදරය තුළින් ජනපි‍්‍රය වූ ඔබට රසිකයන්ට කියන්න දෙයක් ඇති නේද?
අනේක
වාරයක් ස්තුතියි. ඔබෙන් මා ලබන මේ ආදරයට. ගිරිකුළ අන්දරය, සසඳරා, සූරිය
සිහිනය, නිල් නෙතු, සුළඟ, රන් සමනලයෝ, අළු බඳුන යන ටෙලි චාරිකාවේ ඔබ මාත්
සමඟ සිටියා. තවත් ආදරණීය චරිත රැසක් සමඟ ඉදිරියටත් ඔබ අතරට එන්නයි ආසාවෙන්
ඉන්නේ. ඔය ආදරය හැමදාමත් මට දෙන්න කියලා මම කියනවා.
* සිනමාවට දැන්ම එන්නේ නැද්ද?
හොඳ චරිතයක් තුළින් කවදාහරි සිනමාවට එන්නම් හදිසියක් නෑ.
* හැමදාමත් පෙම්වතිය වෙන්නද කල්පනාව?
තාම
මට පෙම්වතිය වෙන්න බැරි කමක් නෑනේ. හැබැයි ඊට එහා ගිය විශිෂ්ට චරිත
රඟන්නත් කැමැත්තෙන් මම ඉන්නේ. පෙම්වතියකගේ චරිතය වුණත් විශිෂ්ටව ඉදිරිපත්
කරන්න පුළුවන් නිර්මාණ තියෙනවා.
0 comments:
Post a Comment