මේ දිනවල ටෙලි තිරයේ ප‍්‍රකට කුරුළු ජෝඩුව ලෙස හඳුන්වන නෙහාරා පීරිස් හා මේනක රාජපක්ෂගේ විවාහ මංගල්‍යය අද වෙනවා හෙට වෙනවා කිය කිය කල්මරමින් පැවති ආරංචිවලට තිත තියමින් එය ලබන නොවැම්බරයේ ගල්කිස්ස මහ හෝටලයේ පවත්වන්නට දැන් සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.
මේ වනවිටත් එයට සහභාගීවන අයට ඇරයුම්පත් යවා ඇති බවත් පසුගියදා සාරි මන්දීර් වෙත ගොස් නෙහාරා සාරි තේරූ බවත් ගොසිප් ලංකා
වෙත වාර්තා වනවා.
කෙසේ වෙතත් මාධ්‍යවේදීන් කිසිවෙකුට මෙම උත්සවය ආවරණය කරන්නට ඉඩ නොදීමට නෙහාරා මේනක තීරණය කර තිබෙන අතර උත්සවය මේ ආකාරයට එළිවන්නට ඉඩ නොදී අවසන් මොහොත වනතුරු රහසක් වශයෙන් තබාගන්නටත් ඔවුන් තීරණය කර තිබුණා.
නෙහාරා මේනක දෙදෙනාම පැවති විවාහ වලින් නීත්‍යානුකූලව වෙන්ව සිටින අයයි.
නෙහාරා නිර්මාල් විවාහයේදී ඔවුන්ට දරුවන් නොසිටි අතර මේනක විරංගි විවාහයෙන් එක් දියණියක සිටියා. දෙදෙනාම පැවති විවාහ වලින් වෙන්වුනේ නව සම්බන්ධය නිසා බව මාධ්‍ය අසද්දී ඒවා ප‍්‍රතික්ෂේප කරමින් එවැනි සම්බන්ධයක් නැති බව කියූවත් වසන් නොකළ සත්‍යය ඔවුන් ලබන මාසයේ මල් ඵල ගන්වනවා.
Friday, October 11, 2013
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment