Wednesday, October 30, 2013

සුමති සම්මාන ලාභීන්

ජනප්‍රිය නළුවා - විශ්ව කොඩිකාර
ජනප්‍රිය නිළිය - දිනක්ෂි ප්‍රියසාද්
ජනප්‍රිය ටෙලි නාට්‍ය - චායා
හොඳම නළුවා - විශ්වජිත්
හොඳම නිළිය - කාංචනා
පුංචි තිරයේ  කලා මංගල්‍යය ලෙස සැලකෙන සුමති සම්මාන උළෙල 30දින සවස 6.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන පරිශ්‍රයේදී 18 වැනි වරටත් අති උත්කර්ෂවත් අයුරින්ජනාධිපති ආර්්‍යා ශිරන්ති රාජපක්‍ෂ මැතිනියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.
වසරේ හොඳම නළුවා, හොඳම නිළිය,හොඳම ටෙලිනාට්‍යය,හොඳම අධ්‍යක්ෂවරයා, ජනප්‍රියම නළුවා සහ ජනප්‍රියම නිළිය ජනප්‍රියම ටෙලිනාට්‍ය යන සම්මාන ඇතුළුව පසුගිය වසරේදී රූපවාහිනියෙන් විකාශය වූ සියලු වැඩසටහන් ආවරණය වන පරිදි සම්මාන 60කට අධික සංඛ්‍යාවක් මෙවර සුමති සම්මාන උළෙ‍ලේදී පිරිනැමිණ.
හොඳම ටෙලි නාට්‍ය- මේ වසන්ත කාලයයි.
හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය- ක‍්‍රිෂ්ටි ෂෙල්ටන් ප‍්‍රනාන්දු (මේ වසන්ත කාලයයි)
හොඳම සහාය නිළිය- චමිලා පීරිස් (සත්කුළුපව්ව)
හොඳම සහාය නළුවා -නාමල් ජයසිංහ (මේ වසන්ත කාලයයි)
හොඳම ටෙලි නාට්‍ය කැමරාකරණය- ධම්මික රත්නායක(අහසින් වැටුනා)
හොඳම සංගීත අධ්‍යක්‍ෂණය -මිත‍්‍ර කපුගේ (ඉසිවර සැණකෙළි)
හොඳම කලා අධ්‍යක්‍ෂණය -සුමිත් නන්දලාල්(ඉසිවර සැණකෙළි)
හොඳම ටෙලි නාට්‍ය ගීත ගායනය- අමරසිරි පීරිස් සහ ශසිකා නිංසසලා
හොඳම ගීත රචක- වසන්ත කුමාර කොබවක( මොනරතැන්න )
හොඳම ටෙලි නාට්‍ය සංස්කරණ ශිල්පියා- ජගත් වීරතුංග(අහසින් වැටුනා)
හොඳම ටෙලි නාට්‍ය තිර රචක -අරුණ පේ‍්‍රමරත්න( මේ වසන්ත කාලයයි)
හොඳම වේශ නිරූපණය- වසන්ත පුර්ණවංශ (අහසින් වැටුනා)
වසරේ නැගීඑන නිළිය- තිසුරි යුවනිකා
වසරේ නැගීඑන නළුවා- එරංග ජීවන්ත
කලාකරුවකුට හෝ කලාකාරිනියකට තම ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානය සුමති සම්මාන උළෙ‍ලේ සුවිශේෂී අවධානයක් දිනා ගන්නා සම්මානයක් වන අතර මෙවර එම සම්මාන පිදුම් ලබූවේ ප්‍රවීණ සංගීතඥ සනත් නන්දසිරි සහ ප්‍රවීණ රංගන ශිල්පිනී පුණ්‍යා හීන්දෙණියයි. 04අඩසිය වසරක කාලයක් පුරා ඔවුන් දෙදෙනා ලාංකේය කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් කළ අනුපමේය මෙහෙවර ඇගැයුමට ලක් කරමින් ඔවුන් වෙත එම සම්මාන පිරිනැමිණ.
ජායාරූපයේ අනුග‍්‍රහය- ලක්බිම පුවත්පතිනි

0 comments:

Post a Comment