Monday, October 14, 2013

එයා මට ගොඩක් ආදරේ වෙන්න ඕනෑ

මේ දිනවල ස්වර්ණවාහිනියෙන් විකාශය වනිතාත්තෙ අපි ආවා’ ටෙලිනාට්‍යයේ නදී බොහෝ දෙනකුට ඉතාම සමීප චරිතයක්. නදීගේ චරිතය නිරූපණය කරන්නේ යොවුන් රංගන ශිල්පිනී තිසුරි යුවනිකා. බොහෝදෙනෙක් තවමත් තිසුරි හඳුන්වන්නේ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලිගේ දියණිය හැටියට. තිසුරිගේ රංගන ඇතුළත් ටෙලිනාට්‍ය කීපයක්ම මේ දිනවල නාළිකා කීපයකම විකාශය වෙනවා. අප තිසුරි හමුවුණේ ඇයගේ නවතම තොරතුරු දැනගන්න.

* තිසුරි ඔබ රංගනයෙන් දායකවුණු ටෙලිනාට්‍ය කීපයක්ම මේ දිනවල විවිධ නාළිකාවල විකාශය වෙනවා නේද?

”ඔව්, මම රංගනයෙන් දායක වුණුිතාත්තෙ අපි ආවා’,ිමැදගෙදර’,ිමුතු පලස’,ිතූර්යා’, වැනි ටෙලිනාට්‍ය කීපයක්ම මේ දිනවල විකාශය වෙනවා”.

* මේ ටෙලිනාට්‍යවල ඔබ නිරූපණය කරන චරිත එකිනෙකට වෙනස්?

”ඔව්. මම රංගනයට ඇවිත් තවම ඉතා කෙටි කාලයයි. ඒ කාලය තුළ විවිධ චරිත නිරූපණය කිරීමට මට අවස්ථාව ලැබුණා. මේ දවස්වල විකාශය වන මගේ ටෙලිනාට්‍ය චරිත විවිධ චරිත‍. එකක මම ගැබිණි මවක්, තවත් ටෙලිනාට්‍යයක මම වෛද්‍ය ශිෂ්‍යාවක්. තවත් එක් ටෙලිනාට්‍යයක මම ‍කටකාර පාසල් යන යුවතියක්. ඉතින් මේ චරිතවල හොඳ වෙනසක්, විවිධත්වයක් තිබෙනවා. මෙවැනි විවිධාකාරයේ චරිත රඟපාන්න ලැබීම භාග්‍යයක්. එවැනි චරිත රඟපාන විට මගේ රංගන හැකියාව මට ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා වගේම රංගනයේ දී විවිධ අත්හදාබැලීම් කරන්නත් අවස්ථාව ලැබෙනවා. මේතාක් මම කළ සෑම චරිතයක්ම ඉතාම සාර්ථකව කරන්න මම උත්සාහ කළා.


* ඔබේ වයසට වඩා මුහුකුරා ගිය චරිත රඟපාන විට ඔබ කොහොමද ඒ චරිතවලට අනුගත වෙන්නේ?

පළමුවෙන්ම කියන්න  ඕන මේ හැම චරිතයක්ම රඟපාන විට මට අම්මගෙ උපදෙස් ලැබෙන බව. මට ලැබෙන තිරපිටපත් මම මුලින්ම පෙන්වන්නෙ මගෙ අම්මට. අම්ම මට දෙන උපදෙස් ඉතා වැදගත්. මට වැඩිපුර අත්දැකීමක් දැනුමක් නැති චරිතයක් රඟපාන්න ලැබුණාම ඒ චරිතය ගැන මම පුංචි අධ්‍යයනයක් කරනවා. ඒ අනුවයි මම ඒ චරිතයට අනුගත වෙන්නේ.ඇතැම් ටෙලිනාට්‍යවල මට ලැබෙන්නේ එකම ආකාරයේ චරිත. හැබැයි ඒ හැම චරිතයකම පුංචි වෙනසක් හෝ කරන්න මම උත්සාහ ගන්නවා.

* තාමත් ඔබේ අම්ම (සුසන්තා චන්ද්‍රමාලි* රූපගත කිරීම්වලදි ඔබේ ළඟින්ම ඉන්නවද?

කොළඹ අවට තියෙන රූපගතකිරිම් වලට මම තනිවම යනව. පිට පළාත්වල තියෙන රූපගතකිරීම්වලට අම්ම හෝ ආච්චි හෝ මාත් එක්ක එනවා.

* පසුගිය කාලයේ ඔබට ටෙලිනාට්‍ය බොහොමයක් ලැබුණේ ඔ‍බේ අම්මා ක්ෂේත‍්‍රය සමඟ තිබුණු සබඳතාව නිසාද?

මුල්කාලෙදි එහෙම දෙයක් වෙන්න ඇති. නමුත් පසුකාලෙදි මට රඟපාන්න චරිත ලැබුණේ මා තුළ තිබුණු දක්ෂතාව නිසා කියලයි මම හිතන්නේ. මට කිසියම් චරිතයක් කරන්න බැරිනම් අධ්‍යක්ෂවරයෙක් ඒ චරිතය මට දෙන්නේ නැහැනේ.

* මේ දවස්වල ඔබ දායක වෙන නිර්මාණ මොනවාද?

මුතුපලස, මැදගෙදර, තූර්යා ඒ වගේම තිශුල දීප තඹවිට අයියගෙ අලූ‍ත්ම ටෙලිනාට්‍යයේ වැඩවලට මම මේ දවස්වල රඟපෑමෙන් දායක වෙනවා.

* ඔබ මීට කාලයකට පෙර කියල තිබුණා මෙගා ටෙලිනාට්‍යවල රඟපාන්න වැඩි කැමැත්තක් නැති බව. දැන් ඒ අදහස වෙනස් වෙලාද?

එහෙම අදහසක් තිබුණා. මම කොටස් 100ට වැඩි ටෙලිනාට්‍යවලට නම් දායක වෙන්න කැමැති නෑ. හැබැයිිතූර්යා’ නම් තවම විකාශය ‍වෙනවා. නමුත් මම ඉදිරියේ දී නම් කොටස් 100ට වැඩි ටෙලි නාට්‍යවල රඟපාන්නේ නෑ. හැබැයි කොටස් 35, 40 තියෙන ටෙලිනාට්‍ය නම් මම බාරගන්නවා‍.

* බොහෝ දෙනෙක් වගේ රංගනයට යොමුවුණාම ඔබත් අධ්‍යාපන කටයුතුවලින් දුරස්වුණාද?

”නැහැ. පසුගිය කාලෙ නම් රංගන කටයුතු නිසා මට මගෙ අධ්‍යාපනය තරමක් මඟහැරුණා. හැබැයි ඉදිරියේදී මම මගේ ව්‍යාපාර අධ්‍යයන උපාධිය සම්පූර්ණ කරනවා.

* ඇයි ඔබ එවැනි විෂයක් ඉගෙනගන්නේ?

ව්‍යාපාර අධ්‍යයනය වගේ විෂයක් මම ඉගෙනගන්නේ ව්‍යාපාරයක් කරන අදහසින් නෙමෙයි. නමුත් එවැනි විෂයක් ජීවිතයට ඉතා වැදගත්. අනෙක ඉදිරියේ දී උපාධියක් තිබීම සෑම පුද්ගලයකුටම වැදගත්. අපේ මේ ජනප‍්‍රියත්වය හැමදාම තියෙන්නෙ නැහැනේ. ඉගෙනගත් දේ හැමදාම තියෙනවා.

* සිනමාවට ඔබේ දායකත්වය..?

”මම පහ වසරේ ඉගෙනගන්නා කාලෙදි සුදත් දේවප‍්‍රිය අන්කල් ගේිඋඩුගං යාමය’ චිත‍්‍රපටයට දායක වුණා. එහි රංගනයට මට ජනාධිපති සම්මාන උලෙළේ දී කුසලතා සම්මානයක් ලැබුණා. මෑත කාලෙදි සිවදාසන් අන්කල්ගේිදරුවනේ’ චිත‍්‍රපටයටත් දායක වුණා. මම රංගනයෙන් දායක වුණු සුනෙත් මාලිංග අයියගෙිස්පන්දන’ චිත‍්‍රපටය ඉදිරියේ දී තිරගත වේවි.

* ඔබ මේ දිනවල රඟපානිතාත්තෙ අපි ආවා’ ටෙලිනාට්‍යයේ නදීගේ චරිතයට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

”ඉතාම හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. නදී ගැබිණි කාන්තාවක්. ඉතින් එවැනි රංගනයක් පේ‍්‍රක්ෂකයින් මගෙන් දැකල තිබුණේ නැහැ. මමත් බයවුණා මට මේ චරිතය හොදින් කරගන්න හැකියාව ලැබෙයිද කියලා. නමුත් මම හිතනවා ඒ චරිතයට මම සාධාරණයක් ඉටු කළා කියලා. එහිදී මට මනෝරත්න අංකල් ගේ උපරිම සහයෝගයත් අනෙක් සියලූ‍ම දෙනාගේ සහයෝගයත් උපරිම විදියට ලැබුණා.

* කවදාහරි ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ දක්ෂතම නිළිය වෙන්න ඔබට ආශාවක් තියෙනවාද?

ඇත්තටම සෑම රංගන ශිල්පියකුගේම ශිල්පිනියකගේම තියෙන ලොකු බලාපොරොත්තුවක් තමයි එවැනි සම්මානයකට හිමිකම් කීම. එවැනි සම්මානයක් ලැබීම රංගන ජීවිතයේ විශාල ආලෝකයක්. ඉදිරි ගමනට රුකුලක්. එවැනි සම්මානයකට හිමිකම් කියන්න කවදාහරි අවස්ථාවක් උදාවෙයි කියල මම හිතනවා.

* ඔබ රඟපාන සෑම ටෙලිනාට්‍යයක්ම ඔබ නරඹනවාද?

මට හැකි හැම වෙලාවෙම මම රඟපාන ටෙලිනාට්‍ය නරඹනවා. අම්ම කොහොමහරි මගෙ ටෙලිනාට්‍ය නරඹනවා. අම්ම තමයි ඒවයෙ තියෙන අඩුපාඩු හොඳ නරක මට කියන්නෙ. මම රඟපාන ටෙලිනාට්‍ය මට නරඹන්න අතපසු වෙන්නෙ හරිම අඩුවෙන්.

* යුවතියක්, ජනප‍්‍රිය රංගන ශිල්පිනියක් හැටියට අනාගතයේ දී ඔබ බලාපොරොත්තු වන ඔබේ සහකරුවා මොනවගේ කෙනෙක් වෙන්න  ඕන කියලද ඔබ හිතන්නේ?


මගේ අනාගත සහකරුවා මට ගොඩක් ආදරය කරන කෙනෙක් වෙන්නම  ඕන. ඒ වගේම හොඳ උගත් වැදගත් කෙනෙක් වෙන්න  ඕන. ඒ හැමදේටම වඩා එයා හොඳ මනුස්සයෙක් වෙන්න  ඕන. ඒ වගේම මගෙ අම්ම තාත්තටත් ආදරය කරන කෙනෙක් වෙන්නත්  ඕන.

* දිගටම රංගනයේ යෙදෙන්නද ඔබේ බලාපොරොත්තුව?

මම රඟපාන්න ඉතාම කැමැතියි. රඟපෑමෙන් ඉවත්වෙන්න මගෙ අදහසක් නෑ. නමුත් අනාගතයේ මම විවාහ වෙලා වගකීම් වැඩිවන විට මගේ රඟපෑම් සීමාවේවි.

* ක්ෂේත‍්‍රයේ ඉන්න බොහෝ අය ඔබේ මවත් සමඟ වැඩ කළ අය. ඔවුන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය මොනවගේද?

ඔවුන් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්. ඔවුන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. ක්ෂේත‍්‍රයේ ඉන්න ප‍්‍රවීණ අය ගොඩක් දෙනෙක් මම හඳුනන්නෙ මම පුංචි කාලෙ ඉඳල. නව පරපුරේ ඉන්න ගොඩක් දෙනෙකුට වඩා මම ප‍්‍රවීණයන් සමඟ සමීපයි කියල මම හිතනවා. ඒ මගෙ අම්ම නිසා. බොහෝ වෙලාවට රූපගත කිරීම් කරන අතරතුරේ මම වැඩිපුර ඉන්නෙ ම‍ගේ සම වයසේ අය එක්ක නෙමෙයි. ඒ වැඩිහිටි කලාකරුවන් සමඟ. ඔවුන් මට හරිම ආදරෙයි.

0 comments:

Post a Comment