ගයේෂා පෙරේරාගේ නිරුවත් රංගනය ගැන මහත් උවමනාවෙන් ලියන අය ගයේෂා ට ලැබෙන ජයග‍්‍රන ගැන ඒ හා සමාන උනන්දුවක් දක්වමින් සටහනක් හෝ නොදමන්නේ ඇයි දැයි ප‍්‍රශ්නයකි. එය නොදැනුවත්කම ම විය හැකිය. ගයේෂා ගේ ෆෙස්බුක් පේජයේ ගයේෂාට 10වන දින ලැබුණ සම්මානයක් පිළිබඳව සටහන් වේ. ඒ දෙහිවල ප‍්‍රාදේශීය කාර්යාලය මගින් සංවිධානය කරණ ලද වස්සානයේ තුරුණු සම්මාන උළෙලෙහි ගයේෂා කලා
කාරිණියක, නිරූපණ ශිල්පිනියක ලෙසත්, රූප සුන්දරියක ලෙසත් සිය රටට නගරයට සහ ප‍්‍රදේශයට ගෙන ආ ජාත්‍යන්තර කීර්තිය ට ප‍්‍රණාම දැක්වීමේ සම්මානයයි. ගයේෂා ට සිය උපන් ප‍්‍රදේශයෙන් මෙවන් සම්මානයක් ලැබීම සතුටට හේතුවන්නක් බවත් ඇය ට ආදරය කරණ ජනතාවට සේවය කිරීම ඇගේ අභිලාෂය බවත් ඇය සඳහන් කර තිබිණ.
Saturday, October 12, 2013
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment