Saturday, October 12, 2013

රන්ජන් රාමනායකට රොෂාන් රණවක ජනපි‍්‍රය නළුවා වීම පුදුම සහ ගතයි ලු

රොෂාන් රණවක ජනපි‍්‍රය නළුවා වීම පුදුම සහගත යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ රංගන ශිල්පී රංජන් රාමනායක පවසයි.
සුපර් සික්ස් චිත‍්‍රපටය අසාර්ථකම චිත‍්‍රපටයක් වෙද්දී තමන් රඟපෑ ජීවිතය ලස්සනයි චිත‍්‍රපටය වැඩිම ආදායමක් ලබා ජනතා ප‍්‍රසාදය දිනා සිටින බව ඔහු කියයි.
‘සරසවි සම්මාන උළෙලේදී එක් වතාවක් මට එහෙම වුණා. ජනතාව දැනගත යුතුයි ඒකාධිපති ආණ්ඩුවක පීඩිත පන්තිය නියෝජනය කරන විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් වීමෙන් බොහෝ දෑ අහිමි වෙනවා කියලා. මම හිටපු සමහර ටෙලි නාට්‍ය තහනම් වුණා. රාජ්‍ය නාළිකා වලට වසර 10 ක් විතර මාව ගෙන්වලා නැහැ.
ගියවර මට දෙරණින් මේ සම්මානය දෙද්දී මම සජීවීවම කිව්වා මේ සම්මානය මට දීලා දෙරන ලයිසන් එක කැන්සල් කර ගනීද දන්නෑ කියලා. මේ වතාවේ එයම වුණා. ‘සුපර් සික්ස්’  කියන්නේ ගිය වසරේ වැඩිම වියදම් දරලා කරපු අසාර්ථකම චිත‍්‍රපටය. ජීවිතේ ලස්සනයි කියන්නේ වැඩිම ආදායමක් වගේම වැඩිම ජනතා ප‍්‍රසාදය දිනපු චිත‍්‍රපටය. එවන් චිත‍්‍රපටයක් වෙනුවෙන් රොෂාන්ට ජනපි‍්‍රය නළුවා සම්මානය ලබාදීම පුදුම සහගතයි.
සල්ලි තියනවා නම් ඉදිරියේදී ඇමෙරිකාවේ කෝටිපති බිල්ගේට්ස්ටත් අපේ රටේ ජනපි‍්‍රය නළුවා වෙන්න පුළුවන් වෙයි. එයාට කරන්න තියෙන්නේ සල්ලි වියදම් කරලා සිම් කාඞ් ටිකක් ගන්න එක විතරයි’ යයිද රාමනායක පවසයි.

0 comments:

Post a Comment