Thursday, August 15, 2013

පබා බල්ලෙක් උස්සන් ෂූටින් ගිය කතාව

පසුගිය සතියේ ටෙලි නාට්‍ය රූගත කිරීමක් සඳහා ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට ඇතුළුවන්නට තැත් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලී  (පබා* ගේට්ටුවේ සිටි නිලධාරීන් විසින් නවතා ගනු ලැබූ බව වාර්තා වනවා.
උද්‍යානයේ නීති රීති අනුව බල්ලාට උද්‍යානය ඇතුළට ගෙන යාමට ඉඩ දිය නොහැකි බව ඔවුන් කියා සිටියා.  සුරතල් සතුන් එහි ගෙන ඒම තහනම් පබාට කියූ විට ඇය මැසිවිලි නගා තිබෙනවා.
අනේ මූව මට ගෙදර බලා ගන්න කෙනෙක් නෑ. ඒකයි අරන් ආවේ. පබා පැවසුවා.
නමුත් නිලධාරීන් නැවතත් ඇගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබුනේ නීති අනුව වැඩ නොකළොත් ඔවුන්ට රැුකියා ප‍්‍රශ්න ඇති විය හැකි බව දක්වමිනි.
පබා එවර උද්‍යානයට එබිකම් කර තිබෙන අතර වත්තේ එහේ මෙහේ යන වෙනත් බලූ රංචුවක් දැක ගන්නට ලැබී තිබෙනවා.
‘එහෙනම් අර මල්වත්ත ඇතුළේ තවත්
බල්ලො ඉන්නවනේ... ඔය නීති මට විතරද?  ඕගොල්ලො උන්වත් අයින් කරන්න එපායැ. ’
පබා විමසා තිබෙනවා.
උද්‍යානය තුළ දඩාවතේ ගැවසෙන බල්ලන්ව ගැන නිලධාරීන් පැවසුවේ එම බල්ලන් වැටවල්වලින් හොරෙන් පැන මල්වත්තට රිංගා ඇති එවුන් බවකි.
පබා සිය සටන අත් නොහළ අත.ර ඇය මන්ත‍්‍රීවරියකවීමේ වරප‍්‍රසාදයද පාවිච්චි කරමින් බල්ලා ඇතුළට ගන්නට තවතවත් කතා කර ඇත. අවසානයේ දී උපේක්ෂාගේ මන්ත‍්‍රී හයියට ඉඩදීමට නිලධාරීන ක‍්‍රියාකර තිබුණා.
‘කමක් නෑ එහෙනම් අරන් යන්න..බැරි වෙලාවත් මල්වත්ත ඇතුළෙදී ඔයාගෙ බල්ලා කාවහරි හැපුවොත් ඔයා වගකියන්න  ඕන.. හරිද..’ ඔවුන් යන්නට පෙර අවවාද කර තිබුණා.
ටෙලි නාට්‍ය ෂූටින් එකට බල්ලා කැටුව ගිය උපේක්ෂා එහි පැත්තක බල්ලා රඳවා ෂූටින් එකට සහභාගී වුවත් උද්‍යානය තුළ ගැවසුන බල්ලන්ට මේ අලූත් අමුත්තා ඇල්ලූවේ නැති බවද වාර්තා වුණා.. උන් මූට ඉව අල්ලමින් රණුඩු කළ බවත්
එදා රූගත කිරීම් වරින්වර නවතමින් පබා තම බල්ලා බේරා ගැනීමට අනෙක් බල්ලන්ව එළවමින් සිටි බවත් වාර්තා වුණා.
පසුගියදා ඔඩෙල් ආයතනය සංවිධානය කල බලූ ප‍්‍රදර්ශනයේදී පබාට මේ අලූත් සුනඛ මිතුරා ලැබී තිබුණ බවද වාර්තා වුණා.

0 comments:

Post a Comment