Wednesday, August 21, 2013

‘යසෝදරා වත’ සිනමාවට

බෞද්ධ සාහිත්‍ය කෘති නිර්මාණය කිරීම වර්තමාන සිනමාවේ සුලබව දැකිය හකිය. පේ‍්‍රක්‍ෂකයන්ගේ රසවිඥානය පිළිබඳව නොසිතා සිංහල බෞද්ධ සිනමා නිර්මාණ සඳහා අල්ත් රැල්ලක් නිර්මාණය කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. චිත‍්‍රපට නිෂ්පාදකයන් මේ වනවිට වඩාත් ශක‍්‍රියව සිටින්නේ මෙවන් නිර්මාණ සඳහා මුදල් විසිකරන්නටය. මේ රටේ ළමා සිනමාවක්, යොවුන් සිනමා නිර්මාන, පේ‍්‍රමකතා සිනමාවට අදාල නැති තැනකට පත් කර ඇත.
බෞද්ධ සාහිත්‍යයේ විශිෂ්ටතම කාව්‍ය නිර්මාණයක් වන'යසෝදරා වත’ සිනමාවට නැගීමට මහාචාර්ය සුනිල් ආරියරත්න සූදානම් වේ. සුනිල් ආරියරත්නයන් විසින් බෞද්ධ සාහිත්‍ය කෘතියක් ඇසුරින් කෙරෙන දෙවන නිර්මාණය මෙය වේ.ඔහු මීට පෙර'කුසදාවත’ ඇසුරින් "කුස පබා" චිත්‍රපටය නිර්මාණය කළ අතර එය මෙරට ඉහළම ආදායම් ලැබූ චිත්‍රපට අතරට එක් විය.

මෙම නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කාර්යය සිදු කෙරෙන්නේ ඊ. ඒ.පී. චිත්‍රපට සමාගම වෙනුවෙන් සෝමා එදිරිසිංහ විසිනි.ඇය විසින් නිෂ්පාදනය කළ'ඉර මැදියම’ චිත්‍රපටය සරසවිය සම්මාන උළෙලේ හොඳම නිෂ්පාදනයට හිමි සම්මානය හිමි විය. ඇයගේ මීළඟ සිනමා නිෂ්පාදනය වන 'සිරි දළදාගමනය' ළඟදී තිරගතවීමට නියමිතව ඇත.

යසෝදරා වත ඇසුරින් කෙරෙන මෙම චිත්‍රපටයේ තිර රචනය වෙන්නේ 'ගිනි කිරිල්ලි', 'භේරුඬ පක්ෂියා' වැනි චිත්‍රපට තිර රචනා කළ දක්ෂ තිර රචකයෙකු වන සරත් ධර්මසිරි අතිනි. නිෂ්පාදන සම්බන්ධිකරණය නීල් සංජය ගෙනි.

0 comments:

Post a Comment